PCR පරීක්ෂණය එපා කියමින් ඇමරිකන් පුද්ගලයෙක් රටට ඇතුළු වෙයි ! ඇමරිකන් නිසා සියල්ලෝම නිහඬයි | Colombocall PCR පරීක්ෂණය එපා කියමින් ඇමරිකන් පුද්ගලයෙක් රටට ඇතුළු වෙයි ! ඇමරිකන් නිසා සියල්ලෝම නිහඬයි - Colombocall

Hot News

PCR පරීක්ෂණය එපා කියමින් ඇමරිකන් පුද්ගලයෙක් රටට ඇතුළු වෙයි ! ඇමරිකන් නිසා සියල්ලෝම නිහඬයි



 අමෙරිකානු තානාපති කාර්යාල නිලධාරියෙකු PCR පරීක්ෂාව ප්‍රතික්ෂේප කරමින් මෙරටට ඇතුල්වී තිබෙනවා. අද අලුයම 1.30ට පමණ කටාර් ගුවන් සේවයට අයත් යානයකි අදාළ නිළධාරියා මෙරටට පැමිණ ඇති බවයි වාර්තා වුනේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ උප සභාපති රජීව් සූරියආරච්චි මහතා ප්‍රකාශ කර තිබුනේ ඔහු තානාපති වරප්‍රසාද යටතේ පරීක්ෂණ සිදු නොකර මුදා හැරිය බවයි.

එසේම තම රාජ්‍ය තාන්ත්‍රික කාර්ය මණ්ඩලය ශ්‍රී ලංකාවට පැමිණීම රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිළිබඳ ජාත්‍යන්තර සම්මුති, ප්‍රමිතීන් හා ක්‍රියා පටිපාටිවලට අනුකූලව සිදු වන බව කොළඹ තානාපති කාර්යාලය සඳහන් කර තිබුණා.

කෙසේ නමුත් එක රටක් එක නීතියක් තිබීම අවශ්‍ය බව කියමින් සමාජ මාධ්‍ය තුළ බොහෝ දෙනෙක් මෙසේ ඇමරිකන් පුද්ගලයකුට පැමිණීමට අවසර දීම විවේචනය කර තිබෙනවා