ජාවාරම්කරුවන් සමග සබඳතා ඇති නිලධාරීන් ගැන CID පරීක්ෂණ ! | Colombocall ජාවාරම්කරුවන් සමග සබඳතා ඇති නිලධාරීන් ගැන CID පරීක්ෂණ ! - Colombocall

Hot News

ජාවාරම්කරුවන් සමග සබඳතා ඇති නිලධාරීන් ගැන CID පරීක්ෂණ !



පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසකගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (25) ප‍්‍රකාශ ලබාගෙන තිබෙනවා. ඒ, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සමග පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරියෙකු සබඳතා පවත්වන බවට ලද තොරතුරක් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස වැඩ බලන පොලිස්පතිවරයා ලබා දුන් නියෝගයකට අනුවයි.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් අදාළ තොරතුර සම්බන්ධයෙන් වැඩ බලන පොලිස්පතිවරයා දැනුවත් කිරීමෙන් පසු ඔහු විසින් එම නියෝගය ලබා දී ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න පැවසුවේ.