ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු සිංගප්පූරුවේ දී බන්ධනාගාර ගත කරයි | Colombocall ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු සිංගප්පූරුවේ දී බන්ධනාගාර ගත කරයි - Colombocall

Hot News

ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු සිංගප්පූරුවේ දී බන්ධනාගාර ගත කරයි



ව්‍යාජ ලියකියවිල් ළඟ තබාගැනීම සම්බන්ධයෙන් 21 හැවිරිදි සහ 32 හැවිරිදි ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු සිංගප්පූරුවේ දී බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ අනුව අදාළ ශ්‍රී ලාංකිකකයින් දෙදෙනාට මාස අට බැගින් සිරදඞුවම් නියම කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

ව්‍යාජ සිංගප්පූරු විදේශ ගමන් බලපත්‍රයක් සහ ව්‍යාජ සිංගප්පූරු හැදුනුම්පතක් ළග තබාගැනීමේ චෝදනා මත එක් පුද්ගලයෙකු පසුගිය පෙබරවාරි 29 වන දින සිංගප්පූරුවේ ටුවාස් මුරපලේ දී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුට ආධාර අනුබලදීමේ චෝදනාව මත අනෙක් පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති  බවයි එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කර තිබුණේ.

මොවුන් සරණාගතභාවය සදහා කැනඩාවට යාමට මෙලෙස ව්‍යාජ ලියකියවිලි සකස් කර ඇති බව සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇති අතර අදාල චෝදනාව සම්බන්ධයෙන් වරදකරුවන් වූ එම ශ්‍රී ලාංකිකයින් දෙදෙනාට ඊයේ දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මාස 08ක සිරදඞුවමක් ලබාදී තිබෙනවා.