දින තුනකින් මාවතගම වසාගත් පළගැටියාගේ කෙරුවාව !

කුරුණෑගල , මාවතගම ප්‍රදේශයේ ව්‍යාප්තවන පළගැටි විශේෂය මර්දනය කිරීමේ කටයුතු ආරම්භ වී ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්ලිව්. එම් .ඩබ්ලිව් වීරකෝන් මහතා ගොවි ජනතාවට දැනුම් දෙන්නේ , බෝග වගාවන් ආශ්‍රිතව එම පළගැටි විශේෂය දක්නට ලැබුණහොත් වහාම දැනුම් දෙන ලෙසය.
එම පළගැටි විශේෂය බඩ ඉරිඟු , කෙසෙල්, පේර, අඹ වැනි සෑම බෝගයකම දක්නට ලැබෙන බව වාර්තාකරු සඳහන් කළේ ය.
ප්‍රදේශවාසීන් පැවසුවේ බෝග වගාවන් ආශ්‍රිතව එම පළගැටියන් දින 3ක් වැනි කෙටි කාලයක් තුළ විශාල වශයෙන් ව්‍යාප්ත වූ බව යි.