මහමැතිවරණය පැවැත්වීමේ දිනය සහිත ගැසට් නිවේදනය මෙම සතියේ ! | Colombocall මහමැතිවරණය පැවැත්වීමේ දිනය සහිත ගැසට් නිවේදනය මෙම සතියේ ! - Colombocall

Hot News

මහමැතිවරණය පැවැත්වීමේ දිනය සහිත ගැසට් නිවේදනය මෙම සතියේ !



මහමැතිවරණය පැවැත්වීමේ දිනය සහිත ගැසට් නිවේදනය මෙම සතිය තුළ නිකුත් කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද ප්‍රකාශ කළේය.
මින් පෙර ප්‍රකාශ වී තිබුණේ අද පැවැත්වෙන කොමිසමේ සාකච්ඡාවෙන් පසු එම දිනය ප්‍රකාශ කෙරෙන බවයි.
කෙසේවෙතත් අපේක්ෂකයින්ගේ මනාප අංක සහිත ගැසට් නිවේදනය හෙට (09) දිනයේ නිකුත් කිරීමට නියමිතයි.
මැතිවරණ කොමිෂන් සභාව අද පෙරවරු 11 ට පමණ රැස් විය.
ඒ එහි සභාපති මහින්ද දේශප්‍රිය , සාමාජිකයින් වන ජනාධිපති නීතිඥ එන්.ජේ. අබේසේකර හා මහාචාර්ය රත්නජීවන් හූල් යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන්.
මේ අතර , මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතාට විරෝධය පළ කරමින් අද පෙරවරුවේ රාජගිරියේ පිහිටි කොමිෂන් සභා කාර්යාලය ඉදිරිපිට සිංහලේ ජාතික සංවිධානය නිහඬ විරෝධතාවක් පැවැත් විය.
විරෝධතාව පැවැත්වෙන අතරතුරදි එම ස්ථානයෙන් ගමන් කළ නව සිහල උරුමයේ නායක සරත් මනමේන්ද්‍ර මහතා හා විරෝධතාව පැවැත්වු සිංහලේ ජාතික සංවිධානයේ සභාපති ඩෑන් ප්‍රියසාද් අතර උණුසුම් වචන හුවමාරුවක් සිදු විය.