හමුදා සෙබලෙකු ගේ බිරිඳ හා දරුවාටත් කොරෝනා වෛරසය ආසාදනය !

හෝමාගම මාවතගම ප්‍රදේශයේ පදිංචි යුධ හමුදා සෙබලෙකු ගේ බිරිඳ හා දරුවාටත් කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.
ඒ හේතුවෙන් ඔහුගේ බිරිඳ හා දරුවා මේ වන විට රෝහල් ගත කර ඇත.
එමෙන්ම ඔවුන් සමීපව ඇසුරු කල නිවාස දෙකක 07 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමුකර තිබේ.
අදාළ හමුදා කර්නල් වරයා කටුනායක ගුවන්තොටුපල රාජකාරියට යොදවා සිටියෙකු වන අතර මෑතක දී ශ්‍රී ලංකාවට පැමිණි කොරෝනා ආශ්‍රිතයන් සමග සමීපව කටයුතු කරද්දී ඔවුන්ට කොරෝනා ආසාදනය වන්නට ඇතැයි සෞඛ්‍ය නිලධාරීන් සඳහන් කරයි.