ප්‍රභල පාතාල චරිත කොටු වුණු හැටි මෙන්න
අද (22) උදෑසනින් අවසන් වූ පැය 24 තුළදී නමගිය අපරාධ කල්ලි සාමාජිකයින් අට දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා. එම අපරාධ කල්ලි සාමාජිකයින් අට දෙනා මතුගම, හංවැල්ල, රත්මලාන, රඹුක්කන යන ප්‍රදේශවලදි පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස අතර දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ඉඳුනිල් කුමාර නොහොත් ඉන්ද්‍ර නමැති පාතාල කල්ලි සාමාජිකයාගේ ප්‍රධාන ගෝලයෙකු ඇතුළු තිදෙනෙක්ද වන බව පොලිස් විශේෂ කාර්ය බලකාය ප්‍රකාශ කරන අතර එම සැකකරුවන් සමග අවි ආයුධ කිහිපයක් ද අත්අඩංගුවට ගත් බවයි පොලිස් නීති කොට්ධාසය භාර අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ.
එසේම සැකකරුවන් සතුව තිබී ව්‍යාජ පිස්තෝලයක්, කඩු 03ක්, කිනිස්සක් සහ කේරළ ගංජා ග්‍රෑම් 325ක්ද සොයාගෙන තිබෙනවා.