කරුණාට එරෙහිව පරීක්ෂණයක් කරන්න (මානව හිමිකම් කවුන්සිලය) | Colombocall කරුණාට එරෙහිව පරීක්ෂණයක් කරන්න (මානව හිමිකම් කවුන්සිලය) - Colombocall

Hot News

කරුණාට එරෙහිව පරීක්ෂණයක් කරන්න (මානව හිමිකම් කවුන්සිලය)



බාල වයස්කාර දරුවන් යුද්ධය සඳහා බඳවා ගැනීමට එල්ටීටීඊ සංවිධානය කටයුතු කිරීම සම්බන්ධයෙන් එම සංවිධානයේ හිටපු සන්නද්ධ අංශ නායක කරුණා අම්මාන් නොහොත් විනයාගමූර්ති මුරලිදරන්ට එරෙහිව පරීක්ෂණ පවත්වන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය ඉල්ලා ඇත.
තමන් විසින් අලිමංකඩදී ශ්‍රී ලංකා හමුදාවේ දෙදහසක් තුන්දහසක් මරාදැමූ බවට කරුණා අම්මාන් මෑතකදී අම්පාරේදී කරන ලද ප්‍රකාශයෙන් පසු සිදුකරන පරීක්ෂණවලදී ළමා සොල්දාදුවන් සම්බන්ධ වූ කාරණය ද සැලකිල්ලට ගත යුතු බවත් එම කවුන්සලය පෙන්වා දෙයි.
කරුණා අම්මාන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ක්‍රියාත්මක වීමෙන් පසු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මෙම ඉල්ලීම කර ඇත.
ලංකා රජය මෙම පුද්ගලයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර ඔහුට රටේ ප්‍රධාන තනතුරක් ලබාදීම ලොව කිසිදු රටක සිදු නොකළ ආකාරයේ විහිළු සහගත සිදුවීමක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රකාශකයෙකුද පෙන්වා දී ඇත.