කංජිගේ පියාට පහර දුන්නේ පූකුඩු කන්නා නැමැත්තාගේ පියා ඝාතනය කිරීමට පළිගැනීමක් ලෙස ! | Colombocall කංජිගේ පියාට පහර දුන්නේ පූකුඩු කන්නා නැමැත්තාගේ පියා ඝාතනය කිරීමට පළිගැනීමක් ලෙස ! - Colombocall

Hot News

කංජිගේ පියාට පහර දුන්නේ පූකුඩු කන්නා නැමැත්තාගේ පියා ඝාතනය කිරීමට පළිගැනීමක් ලෙස !



බන්ධනාගාර ගත කර සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන්ගේ පියාට පහරදීම සම්බන්ධයෙන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මාළිගාවත්ත පොලීසියේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ මාරිමුත්තු ගනේෂන් රාජා හෙවත් මන්න කන්නා සහ මහේන්ද්‍රන් ප්‍රදීප් හෙවත් බාචා නමින් හඳුන්වන මොවුන් දෙදෙනා ඊයේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.
ඔවුන් නාට්ටාමිවරුන් ලෙස කටයුතු කරන අය බවද පොලීසිය සඳහන් කළා.
සිද්ධියට සම්බන්ධ ත්‍රිරෝද රථයක් සහ මන්නා පිහි තුනක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
මාළිගාවත්ත – සද්ධර්ම මාවත අසළදී කංජිපානි ඉම්රාන්ගේ පියා වන 65 හැවිරිදි මොහොමඩ් ඊබ්‍රාහිම් මොහොමඩ් නජිත් නැමැත්තාට තියුණු ආයුධවලින් පහරදී තිබුණේ ඊයේ රාත්‍රියේයි.
පසුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන පූකුඩු කන්නා නැමැත්තාගේ පියා ඝාතනය කිරීමට පළිගැනීමක් වශයෙන් කංජිපානි ඉම්රාන්ගේ පියාට මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවට පොලීසිය සැක පළ කරනවා.