ලීසිං සමාගම්වලට එරෙහිව ක්රියා කළ සුනිල් සදහටම නිහඬ කරයි !

මිරිහානේ දී ප්රසිද්ධියේ ඝාතනය කළ ශ්රී ලංකා ස්වයං රැකියා වෘත්තිකයිගේ ත්රිරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා මරණයට පෙර ලීසිං සමාගම් පිළිබඳව හෙළිදරව්වක් සිදු කළා.
ඇඳිරි නීතිය සමයේ ඔහු හෙළිකර සිටියේ මැරයන්ව පෝෂණය කරන ලීසිං සමාගම් පිළිබඳවයි.
ඇඳිරි නීතිය සමයේ ද එම සමාගම් පාරිභෝගිකයන්ට බලපෑම් කරන අයුරුද වාහන පැහැර ගන්නා අයුරුද ඔහු කරුණු සහිතව සඳහන් කළා.
ඔහුගේ විවේචනයට ලක්වූ එවන් මැරයන් විසින් ඊයේ (10) ප්රසිද්ධියේම ඔහුව ඝාතනය කරනු ලැබුවා.