තොන්ඩමණ්ගෙන් හිස් වූ අමාත්‍යධූරයේ මහින්ද දිවුරුම් දෙයි !

ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ධුරයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද දිවුරුම් දුන්නේය.
අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතා පසුගිය 26වැනිදා අභාවප්‍රාප්ත විය.
ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව ඊයේ සිදු කෙරිණි.