අත්අඩංගුවට ගත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්රියාකාරීන් 53 දෙනෙකුට ඇප !

කොල්ලුපිටියේ සහ ලිප්ටන් වටරවුමේ විරෝධතාවේදී අත්අඩංගුවට ගත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්රියාකාරීන් 53 දෙනෙකුට කොටුව මහෙස්ත්රාත් අධිකරණයෙන් ඇප ලබා දී තිබේ.
අමෙරිකාවේ අත්තනෝමතික අක්රමණශීලී හා මර්දනකාරී පිළිවෙතට විරෝධය දක්වමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද පැවැත්වීමට සූදානම්වූ විරෝධතාවට පොලීසිය බාධා කළේ ය.
පොලීසිය පැවසුවේ, අධිකරණ නියෝගයක් හා නිරෝධායන නීති උල්ලංඝනය කිරීම නිසා මේ පියවර ගත් බවයි.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්රධාන ලේකම් කුමාර් ගුණරත්නම් මහතා ඇතුළු 42 දෙනෙකු පොලිසිය අද අත්අඩංගුවට ගත්තේ ය.