රජය විසින් ඩීසල් හා පෙට්‍රල් මත පනවා තිබු රු. 26ක අධිභාරය ඉවත් වෙයි | Colombocall රජය විසින් ඩීසල් හා පෙට්‍රල් මත පනවා තිබු රු. 26ක අධිභාරය ඉවත් වෙයි - Colombocall

Hot News

රජය විසින් ඩීසල් හා පෙට්‍රල් මත පනවා තිබු රු. 26ක අධිභාරය ඉවත් වෙයි



කොවිඩ් 19 හේතුවෙන් ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල පහළ යාමත් සමග එහි වාසිය මහජනතාවට ලබා දීම සඳහා රජය විසින් ඩීසල් හා පෙට්‍රල් මත පනවා තිබු රු. 26ක අධිභාරය ඉවත් කරන ලද බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
නැවතත් ලෝක වෙළෙඳ පළේ ඉන්ධන මිල ගණන් ක්‍රමයෙන් ඉහළයමින් පැවැතීම ඊට හේතුව බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
ලෝක වෙළෙඳපළ තුළ ඉන්ධන මිල ඉහළ ගියත් මෙරට ඉන්ධන මිල ඉහළ දැමීමේ අදහසක් නොමැති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
ඉන්ධන අධිභාරය ඉවත් කිරීම මගින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සිදුවන පාඩුව පෙට්‍රල් ලීටරයකට රුපියල් 35කටත් වඩා වැඩිවන අතර, ඩීසල් ලීටරයකින් සිදුවන පාඩුව රු. 25ක් පමණ වන බව ද අමාත්‍යවරයා සඳහන් කර සිටියා.
පසුගිය මාස දෙක තුන තුළ ලෝක වෙළෙඳ පළෙහි ඉන්ධන මිල පහළ යාම තාවකාලිකව සිදු වූවක් වන අතර කොවිඩ් 19 නිසා ලෝකයේ බොහෝ රටවල් විසින් පනවා තිබු සීමාවන් ඉවත් කිරීමත් සමග නැවත වරක් ඉන්ධන මිල ඉහළ යමින් තිබේ.
එම අවස්ථාවේ මිල අවම නිසා ශ්‍රී ලංකා රජය විසින් ඉන්ධන මිල අඩු කිරීමක් සිදු නොකළේ ඉන්ධන මිල ඉහළ ගිය පසු නැවතත් මිල වැඩි කිරීමට සිදුවන නිසා බව කී අමාත්‍යවරයා ඉදිරි කාලය තුළ ලෝක වෙළෙඳ පොලේ ඉන්ධන මිල කෙතරම් ඉහළ ගියද, මෙම වසර අවසානය වන තෙක් මෙරට ඉන්ධන ‍මිල ඉහළ දැමීමක් කිසිදු අයුරකින් සිදු නොකරන බව සඳහන් කර සිටියා.
ඉන්ධන අධිභාරය පැනවීමේ වාසිය මහජනතාවට ලබා දීම රජයේ අරමුණ බව ද හෙතෙම අවධාරණය කළේය.