රැස්වීම තියන්න හිතුවේ පොඩි පන්තියකට ! VIDEO | Colombocall රැස්වීම තියන්න හිතුවේ පොඩි පන්තියකට ! VIDEO - Colombocall

Hot News

රැස්වීම තියන්න හිතුවේ පොඩි පන්තියකට ! VIDEO





කොරෝනා වෛරසය හේතුවෙන් රටේ සියලු අංශ අඩපණ වී තිබෙනවා.මේ වනවිට කොරෝනා ප්‍රශ්නනයට අමතරව අපේ රටේ තවත් ප්‍රශ්නයක් උද්ගත වී තිබේ.එනම් විසුරුවා හැර ඇති පාර්ලිමේන්තුව පිළිබඳවයි.
ඒ සදහා මැතිවරණ කොමිසම විසින් ජූනි 20 දිනය නියම කර ඇතත් තවමත් එදිනට මැතිවරණය පැවැත්වීමට හැකිද යන්න ගැටලුවක්.
පවතින කරුණු සමඟ මේ වනවිට විපක්ෂය පවසන්නේ ව්‍යවස්ථාවට අනුව දැන් පාර්ලිමේන්තුව නැවත කැදවිය යුතු බවයි.ඔවුන් ප්‍රකාශ කරන්නේ ජූනි 2 වැනිදාට අභිනව පාර්ලිමේන්තුව රැස්කිරීමට නොහැකි නිසා පාර්ලිමේන්තුව විසුරුවා මාස තුනකට වඩා පැවතිය නොහැකි හේතුව මත යළි පැවති පාර්ලිමේන්තුව කැදවිය යුතු බවයි.නමුත් ආණ්ඩු පක්ෂය ප්‍රකාශ කරන්නේ මේ වනවිට ව්‍යවස්ථාමය අර්බුධයක් නොමැති බවත් කිසි ලෙසකින් පැවති පාර්ලිමේන්තුව යළි කැඳවීමට ජනාධිපතිතුමා සූදානම් නොමැති බවය.
නිවාඩු දිනයක නාමයෝජනා ලබාගැනීම යන කරුණ මත මැතිවරණ කොමිසම මේ වනවිට තවත් ප්‍රශ්නයකට පැටලී තිබේ.ඊයේ දිනයේ පැවති මැතිවරණ කොමිසම සහ පක්ෂ නායකයින්ගේ හමුවේදී මේ බව අනාවරණය විය.එමෙන්ම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් හෙට දිනයේ හිටපු පාර්ලිමේන්තු මංත්‍රීවරුන්වන 224 දෙනාටම අරලියගහ මන්දිරයට කැදවීමක් කර තිබෙනවා.නමුත් ජනතා විමුක්ති පෙරමුණ මෙම යෝජනාවට විරුද්ධ වූ අතර ඊයේ දිනයේදී ජාතික සමගි බලවේගයද කියා සිටියේ ඔවුන්ද මෙම රැස්වීමට සහභාගි නොවන බවයි.මෙම රැස්වීම පිළිබඳව දේශපාලඥයින් රැසක් අදහස් දක්වා ඇති අතර එස් එම් චන්ද්‍රසේන මහතා කියා සිටියේ මෙම රැස්වීම කැදවා ඇත්තේ පොඩි පංතියකට බවයි.එම වීඩියෝව පහතින්,