මහ මැතිවරණයෙන් පසු පොහොට්ටු එජාප ජාතික ආණ්ඩුවක් !
පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය හා එක්සත් ජාතික පක්ෂය අතර ජාතික ආණ්ඩුවක් පිහිටුවීම වෙනුවෙන් සාකච්ඡා ඇරඹී විශ්වාස කටයුතු ආරංචිමාඅර්ග වාර්තා කර තිබේ.
එජාපය වෙනුවෙන් රවී කරුණානායක මහතා හා රජයේ ඉහළ පෙළේ බළධාරියෙකු අතර ඒ සම්බන්ධව සාකච්ඡා පැවතී ඇතැයි එම වාර්තාවේ පළවී තිබේ.රජයට අවශ්‍ය තුනෙන් දෙක බලය ලබාදීමට හා එජාපයට අවශ්‍ය අමාත්‍යධූර සම්බන්ධවද එහිදී සාකච්ඡාවී ඇතැයි වාර්තාවේ.
මේ දිනවල රවී කරුණානායක, දයා ගමගේ, නවීන් දිසානායක වැනි එක්සත් ජාතික පක්ෂ ප්‍රභලයින් ආණ්ඩුවේ ඉහළ පෙළේ නායකයින් නිතරම මුණ ගැසෙමින් ආණ්ඩුවේ ඉදිරිකටයුතු පවත්වාගෙන යාම සදහා සිය පූර්ණ සහාය ලබාදෙන බවට පොරොන්දු ලබා දෙන බවයි තොරතුරු අනාවරණය වී ඇත්තේ