සමාජ දුරස්ථභාවය නොසලකා හරිමින් කටයුතු කරන පුද්ගලයින්ට වෙන දේ ! | Colombocall සමාජ දුරස්ථභාවය නොසලකා හරිමින් කටයුතු කරන පුද්ගලයින්ට වෙන දේ ! - Colombocall

Hot News

සමාජ දුරස්ථභාවය නොසලකා හරිමින් කටයුතු කරන පුද්ගලයින්ට වෙන දේ !



ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමඟ සමාජ දුරස්ථභාවය නොසලකා හරිමින් කටයුතු කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට (26) සිට කටයුතු කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේදී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ඔහු මේ බව සඳහන් කළේය.

අත්‍යාවශ්‍ය කාරණාවකට හැර නිවසින් බැහැර නොයෑමට හැකිතාක් මහජනතාව කටයුතු කළ යුතු බවත් අන් සියලු දෙයට වඩා සමාජ දුරස්ථභාවයට මුල් තැන දී කටයුතු කිරීමට සියලු දෙනා කටයුතු කළ යුතු බවත් ඒ මහතා පැවසීය.

එසේ නොකරන පුද්ගලයින්ට නිරෝධායන නීතින් යටතේ කටයුතු කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත විශේෂ නියෝගයක් ලබා දී ඇති බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.