වෙසක් සතියේ හරකෙක් මරා මාට්ටු ! | Colombocall වෙසක් සතියේ හරකෙක් මරා මාට්ටු ! - Colombocall

Hot News

වෙසක් සතියේ හරකෙක් මරා මාට්ටු !




රාජ්‍ය වෙසක් සතිය ආරම්භව තිබෙන මොහොතක අද (05) දිනයේදී අනුරාධපුර පූජා නගරයේ නීරාවිය ප්‍රදේශයේදී මී ගවයෙකු මස් පිණිස ඝාතනය කරමින් සිටියදී එම මී ගවයාගේ මස් කිලෝ ග්රෑම් 103 ක් හා විකිණීම පිණිස අධි ශීතකරණයක බහා සූදානම් කර තිබූ තවත් මස් කිලෝ ග්රෑම් 140ක් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
උතුරු මැද දිශාවභාර නියෝජ්‍ය පොලිස්පතිගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක දිසා දූෂණ මර්ධන අංශයේ නිලධාරින් විසින් සිදුකළ වැටලීමකදී මෙම මස් තොගය අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී  ලොරි රථයක් සහ සැකකරුවන් තිදෙනෙකුද අත් අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අයීරෑස් අයුබ්ඛාන්, පීටර් යුවරාජ් සහ අයුතුරූස් රාසික් පරීඩ් නමැති අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකරුවන් තිදෙනෙකු බවයි වාර්තා වුනේ.