බුදු පිළිම ආදාහණයක් ඇඹිලිපිටිය බෝධිරාජ ධර්මායතනයේ ! | Colombocall බුදු පිළිම ආදාහණයක් ඇඹිලිපිටිය බෝධිරාජ ධර්මායතනයේ ! - Colombocall

Hot News

බුදු පිළිම ආදාහණයක් ඇඹිලිපිටිය බෝධිරාජ ධර්මායතනයේ !



බුදු පිළිම ආදාහණයක් ඇඹිලිපිටිය බෝධිරාජ ධර්මායතනයේදී දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
පසුගිය කාලයේ විවිධ ක්‍රමවේද වලට විනාශ වු නිවෙස්තුල තබාගන්නට බැරි හා විහාරස්ථානවල දමා ගොස්තිබු බුදු පිළිම මෙන්ම නිගා වන ආකාරයෙන් තැන් තැන් වල දමා ගොස් තිබූ ඒවා බොහෝ ප්‍රමාණයක් සෝභිත හිමියන්ගේ ප්‍රධානත්වයෙන් එක් රැස් කර තිබුණා.
එසේ එකතු කතරන ලද විවිධ ක්‍රමවේද වලට විනාශයට යමින් තිබු බුදු පිළිම නිසි සම්පූර්ණ ගෞරවය ලබාදී ඇඹිලිපිටිය බෝධිරාජ විහාරස්ථාන භූමියේදී ආදාහණය කරනු ලැබුවා.
මේ සදහා චිතකයක් නිර්මාණය කර තිබුණා.එම චිතකයේ තැන්පත් කරන ලද විනාශවු පිළිම වල ඇතැම් කොටස් විනාශවු සහ අතැහැර දැමු බුදු පිළිම රැසක් සියලු ආගමික වතාවන්ගෙන් අනතුරුව ආදාහනය කරනු ලැබුවා.
මෙම අවස්ථාවේදී එම පිළිම සියල්ල ප්‍රථමයෙන් මල් වලින් පුද බුහුමන් කිරිම සිදුවූ අතර බුදුන් වහන්සේ පිරිනිවන් පාන අවස්ථාවේදී ශ්‍රක්‍ර ‍දෙවියන් ඇතුලු සැම දෙනාගේම ශෝකය ප්‍රකාශ කල ආකාරයට ආදාහන අවස්ථාවේදී ශෝකය ප්‍රකාශ කිරීම් සිදු කෙරුණා.
මෙහිදි ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් කියා සිටියේ, බුදු පිළිම මහ මග ගස් යට පන්සල් වල නොයෙක් ස්ථාන වල දමා යැම මගින් බෞද්ධයන්ට මහත් හානියක් සිදු වන අතර මෙය දකිනා බෞද්ධයන් හට ඒ පිලිබදව දුකක් ඇතිවන බවයි.
“මෙවැනි දෙයක් අපි කරන්නේ ප්‍රථම වතාවට.මේ ආදාහන වැඩපිළිවෙල අපි නිසි පරිදි සිදු කරනවා.
ඕනම දේකට ගෞරවණීය අවසානයක් තිබිය යුතුයි. නමුත් ලංකාවේ තමයි කිසිදු ප්‍රමිතියක් නැතිව ඉතාමත් බාල විදියට බුදු පිළිම නිර්මානය කරන්නේ.ඒක නිසා ඉක්මනින් බුදු පිළිම විනාශයට පත්වෙනවා”යයි උන් වහන්සේ සඳහන් කළා.