දේහය පිළිබද අවසන් කටයුතු හැටන් නෝර්වුඩ් ක්‍රීඩාංගණයේ දී ! | Colombocall දේහය පිළිබද අවසන් කටයුතු හැටන් නෝර්වුඩ් ක්‍රීඩාංගණයේ දී ! - Colombocall

Hot News

දේහය පිළිබද අවසන් කටයුතු හැටන් නෝර්වුඩ් ක්‍රීඩාංගණයේ දී !



අභාවප්‍රාප්ත ලංකා කම්කරු කොංග්‍රසයේ නායක හිටපු අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු එළඹෙන 31 වැනිදා හැටන් නෝර්වුඩ් ක්‍රීඩාංගණයේ දී සිදුකිරීමට නියමිතයි.
ලංකාකම්කරු කොංග්‍රසයේ නායක සහ ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් අමාත්‍යධුරයේ කටයුතු කළ ආරුමුගම් තොන්ඩමන් මහතා ඊයේ (26) රාත්‍රීයේ හදිසියේ ඇති වූ හෘදයාබාධයකින් බත්තරමුල්ල තලංගම රෝහලේ දී අභාවප්‍රාප්ත විය.
මියයන විට 55 හැවිරිදි වියේ පසු වූ ඒ මහතා තිදරු පියෙක්.
තොන්ඩමන් මහතාගේ මේ වන විට බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික නිවසේ තැන්පත් කර ඇති අතර දේහය හෙට (28) පාර්ලිමේන්තුසංකීර්ණය වෙත රැගෙන ඒමට නියමිතයි.