නිවසට අරං ගිහින් අරක්කු විකිණීමේ අදහසක් !

ජනතාව එක්රැස්වීම අඩු කිරීම සහ සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීමේ අරමුණින් නිවාසවලට ගොස් මත්පැන් අලෙවි කිරීම පිළිබඳ සලකා බලන ලෙස ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය එරට ප්‍රාන්තවලට උපදෙස් ලබා දී තිබෙනවා.
මත්පැන් අලෙවිසල්වලින් සෘජුව මත්පැන් අලෙවි කිරීම නවත්වන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්ව තිබූ මහජන සුබසාධන නඩුකරයක් විභාග කිරීමෙන් පසු ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය මෙලෙස මත්පැන් නිවාසලට ගොස් අලෙවි කිරීම සහ වක්‍රාකාරව අලෙවි කිරීම සම්බන්ධයෙන් සලකා බලන ලෙස ප්‍රාන්තවලට උපදෙස් ලබාදී තිබෙනවා.
එසේම මත්පැන් අලෙවියෙන් පොදු මහජනතාවට බලපෑමක් නොවිය යුතු බවත්, ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් ප්‍රාන්තවල උපදෙස් මාලාවක් සහ පැහිදිලි කිරීමක් කළ යුතු බවත් නීතීඥවරුන් පෙන්වා දී තිබෙනවා.