නෙළුම්සිරිගම තවත් අයෙක්ට කොරෝනා ! එකම ගෙදර පහක් | Colombocall නෙළුම්සිරිගම තවත් අයෙක්ට කොරෝනා ! එකම ගෙදර පහක් - Colombocall

Hot News

නෙළුම්සිරිගම තවත් අයෙක්ට කොරෝනා ! එකම ගෙදර පහක්




කොරෝනා ආසාදිතයෙකු බවට මීට සති දෙකකට පමණ ඉහතදී හඳුනාගත් උඩවලවපාර නෙළුම්සිරිගම පදිංචි නාවික හමුදා සෙබළාගේ පවුලේ තවත් ඥාතියෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට පරීක්ෂණ වලදී හෙළිවී ඇතැයි මොනරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක පාලිත අධිකාරී මහතා පැවසුවා.
මෙම නාවික හමුදා සෙබළාගේ බිරිඳ, බිරිඳගේ සහෝදරිය, ඇයගේ දරුවා (බිරිඳගේ සහෝදරියගේ) කොරෝනා රෝගය වැළඳී ඇති බව මීට පෙර අනාවරණයවී තිබුණා.
අනතුරුව පවුලේ අනෙකුත් සාමාජිකයින් වව්නියාව පප්පේමඩු නිරෝධායන මධ්‍යස්ථානයට යොමුකර තිබුණා.
එහිදී එහි සිටි නාවික හමුදා සෙබළාගේ ළඟම ඥාතියෙකු වන පනස්නව හැවිරිදි පුද්ගලයෙකු කොරෝනා ආසාදිතයෙකු බවට පෙරේදා ඊයේ (3දා) සිදුකළ පී.සී.ආර් පරීක්ෂණයේදී හෙළිවූ බව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළා.