රට නැවත විවෘත කිරීමට රජය සූදානම් කර ඇත්තේ කිසිදු සැලැස්මකින් තොරවයි
රට නැවත විවෘත කිරීමට රජය සූදානම් කර ඇත්තේ කිසිදු සැලැස්මක් ඉදිරිපත් කර නොමැති තත්ත්වයක් මත බව සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරනවා.
එහි ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා සඳහන් කළේ නිසියාකාර සැලැස්මක් නොමැතිව රට විවෘත කිරීම මගින් විශාල අවධානමකට මුහුණදීමට සිදුවන බවයි.
ඒ හේතුවෙන් නැවතත් රට පුරා කොරෝනා ව්‍යාප්ත විය හැකි බවද ඔහු සඳහන් කළා.
ඔහු මේ අදහස් පළකරන ලද්දේ බොරැල්ලේ පිහිටි සංගම් කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් අමතමිනි.