මංගල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙන්වයි

ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා යළිත් වරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ තිබේ.
ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගනිමින් සිටින්නේ පසුගිය ජනාධිපතිවරණය පැවති දිනයේ පුත්තලමේ සිට මන්නාරම දක්වා බස් රථ යොදා ගනිමින් අවතැන්වූ ජනතාවට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරන විමර්ශනවලට අදාළවයි.