පෙම්වතීගේ තාත්තා මරපු තරුණයා අත් අඩංගුවට ! | Colombocall පෙම්වතීගේ තාත්තා මරපු තරුණයා අත් අඩංගුවට ! - Colombocall

Hot News

පෙම්වතීගේ තාත්තා මරපු තරුණයා අත් අඩංගුවට !



පිහියකින් ඇන පහර දී තිදරු පියකු ඝාතනය කළැයි සැකපිට 21 හැවිරිදි තරුණයෙක් ඊයේ (05) අත්අඩංගුවට ගත් බව හාලිඇළ පොලිසිය පවසනවා.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ හාලිඇළ, නාරංගල 9 කණුව, දෙබැද්දපතනේ පදිංචිව සිටි ජී.එච්. ගුණපාල (38) නමැත්තෙකි.
මරණකරුගේ දියණියක වන 15 හැවිරිදි සිසුවිය පැහැරගෙන ගිය බවට මීට පෙර සැකකරුට විරුද්ධව පැමිණිල්ලක් ලැබී තිබූ බවත් ඒ අනුව ඔහු අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර සිටියදී දෙමාපියන්ගේ කැමැත්ත මත යළි මෙම නිවෙසට පැමිණ තිබූ බවත් විමර්ශනවල දී අනාවරණය වී යැයි පොලිසිය සඳහන් කළා.
ඊයේ (05) සිදු කළ මෙම ඝාතනයෙන් පසු මරණකරුගේ බිරිය, දියණිය හා සැකකරු එම නිවෙසින් පිටත්ව ගොස් තිබෙනවා.
සැකකරු හා දියණිය සැකකරුගේ නිවෙසට පිටත් කර හැර මරණකරුගේ බිරිය හාලිඇළ පොලිසියට පැමිණ තමා මෙම අපරාධය සිදු කළ බව පවසා තිබුණා.
සැමියා දරුවන්ට පහරදීම නිසා තමා මෙම අපරාධය සිදු කළ බව ඇය සඳහන් කළ බව ද පොලිසිය සඳහන් කළා.
කෙසේ නමුත් විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ මෙම ඝාතනය සිදු කර ඇත්තේ මිය ගිය තැනැත්තාගේ දියණිය සමඟ ජීවත් වූ සැකකාර තරුණයා බවයි. ඒ අනුව ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.