අපට තවත් එකක් අවශ්‍යද? බන්ධුල කියූ ක්‍රීඩාංගනය ගැන මහේල ප්‍රශ්න කරයි | Colombocall අපට තවත් එකක් අවශ්‍යද? බන්ධුල කියූ ක්‍රීඩාංගනය ගැන මහේල ප්‍රශ්න කරයි - Colombocall

Hot News

අපට තවත් එකක් අවශ්‍යද? බන්ධුල කියූ ක්‍රීඩාංගනය ගැන මහේල ප්‍රශ්න කරයි




මෙරට විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ඉදිකිරීම් ආරම්භ කිරීමට සියල්ල සූදානම් බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

හෝමාගම දියගම ප්‍රදේශයේ ඉදිවන ලංකාවේ විශාලතම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉදි කිරීමට යෝජිත භූමි ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සදහන් කළේ. ඉදිකරීම් නවතා දමා තිබූ මෙම ක්‍රිකට් ක්‍රීඩාංගනයේ කටයුතු ආරම්භ කිරීම සදහා සියල්ල සූදානම් බව අමාත්‍යවරයා සදහන් කළා. අක්කර 26 ක භූමි ප්‍රමාණයක් ඒ සදහා වෙන් කර තිබෙනවා.

දිවා රාත්‍රී තරග පැවැත්විය හැකි පදිරී ක්‍රීඩාංගනය සකස් කරන බවයි ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ. පළමු අදිරය යටතේ නරඹන්නන් 40,000 කට ආසන පහසුකම් සකස් කෙරෙනවා. දෙවන අදියර යටතේ ආසන විසිදහසක් එක් කිරීමටයි රජය සැලසුම් කර ඇත්තේ. සියලු නවීන පහසුකම්වලින් ක්‍රීඩාංගනය සමන්විත බව ද අමාත්‍යවරයා සදහන් කළා

කෙසේ වෙතත් මේ පිලිබදව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක මහේල ජයවර්ධන ට්විටර් ඔස්සේ අදහස් දක්වා තිබෙනවා.

එහිදී ඔහු සදහන් කර ඇත්තේ "අප සතුව පවතින ක්‍රීඩාංගණවල ප්‍රමාණවත් තරම් ජාත්‍යන්තර ක්‍රිකට් තරග හෝ පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩා කරන්නේ නැහැ ... අපට තවත් එකක් අවශ්‍යද?  යනුවෙනි