කඳුකරයට ආවේණික දුර්ලභ කලු කොටියා මියයයි

පසු ගිය මැයි 26වනදා මද්දකට හසුවී සිටිය දී සොයා ගත් කඳුකරයට ආවේණික දුර්ලභ කලු කොටියා මියගොස් ඇති බව වාර්තා වෙනවා.
නල්ලතන්නිය පොලිස් වසමට අයත්, ලක්ෂපාන තේ වතුයායේ වාලමලේ කොටසේ එළවළු කොරටුවක් අසලදී මැයි 26 වනදා පෙරවරුවේ කළු වර්ණ සහිත දුර්ලභ කොටියෙක් මද්දකට හසුවී ඇති බව නල්ලතන්නිය වනජීවි කාර්යාලය සඳහන් කළා.
ශ්‍රී පාද අභය භුමිය වනාන්තරයේ ජිවත් වන බවට තොරතුරු තිබුනද මීට ප්‍රථම මෙම සත්වයන් දුටු බවට වාර්තා නොවීය.
වන සතුන්ට අටවන ලද කම්බි මද්දකට මෙම කොටියා හසුවී ඇති බවත්, කොටියා තුවාල සහිතව සිටින නිසා වන ජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරුන් පැමිණ නිර්වින්දනය කර මුදා ගැනීමට කටයුතු කරන තෙක් පොලිස් ආරක්ෂාව ලබා දීමට පියවර ගෙන ඇති බවත් නල්ලතන්නිය වන ජීවි කාර්යාලයේ නිලධාරීන් ප්‍රකාශ කරයි.