රජය අවසර දුන්නට හවසට පොලිසියෙන් අල්ලනවා !
ඇදිරි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මක, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ත්‍රිරෝද රථ ධාවනය සහ සාමාන්‍ය ජන ජීවිතය කරගෙනයාමට රජය විසින් අවසර ලබා දුන්නද එසේ මගී ප්‍රවාහනයට පැමිණෙන ත්‍රිරෝද රථ රියදුරන් සවස් කාලයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා බව ත්‍රි රෝද රථ සංගම් පවසනවා.
දුරකථන යෙදුම් මගින් (APP) ඔස්සේ ක්‍රියාත්මක සමාගම්වල රියදුරන්ට පමණක් අදාළ අවසරය හිමිවන බව පොලිසිය සඳහන් කරන බවයි එම සංගම් චෝදනා කරන්නේ.
කොරෝනා යනු දැඩි අවදානම් සහගත රෝගයක් බව තමන් දන්නා බව පවසන ත්‍රිරෝද රථ රියදුරන් සමාගම්වල ත්‍රිරෝද රථ රියදුරන්ට එහි බලපෑමක් නැද්ද යන්න තමන්ට ප්‍රශ්නයක් බවත් කියා සිටිනවා.