බදියුදීන් සහ ගෝඨා අතර ලිපි හුවමාරුවක් ! | Colombocall බදියුදීන් සහ ගෝඨා අතර ලිපි හුවමාරුවක් ! - Colombocall

Hot News

බදියුදීන් සහ ගෝඨා අතර ලිපි හුවමාරුවක් !




කොවිඩ් 19 වෛරසයෙන් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ අවමංගල්‍ය කටයුතු සිදුකරන ආකාරය පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්  ලිපියක් යොමු කර තිබෙනවා.

ඒ අනුව අදාල ලිපිය මඟින් පෙන්වා දී ඇත්තේ  කොවිඩ් 19 වෛරසයෙන් මිය යන ශ්‍රී ලාංකික මුස්ලිම් ජාතිකයන්ගේ මළ සිරුරු අඛණ්ඩව ආදාහනය කිරීම හේතුවෙන් මුස්ලිම් ප්‍රජාව දැඩි කනස්සල්ලට පත්ව සිටින බවයි.

එම නිසා කොවිඩ් 19 වෛරසයෙන් මිය යන පුද්ගලයින්ගේ මළ සිරුරු ආදාහනය කිරීම සම්බන්ධයෙන් දැනට නිකුත් කර ඇති ගැසට් නිවේදනය සහ උපදෙස් මාලාව සංශෝධනය කර මළසිරුරු භූමදානය කිරීම සදහා අනුමැතිය ලබාදෙන ලෙස රිෂාඩ් බදියුදීන් මහතා ජනාධිපතිවරයාට යොමු කළ ලිපිය මඟින් ඉල්ලා තිබෙනවා.