පාතාලය යළි හිස ඔසවයි ! වෙඩි වරුෂා ලංකාව පුරාම !

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් සිදු කළ වෙඩි තැබිමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු (30) මාතර රෝහලට ඇතුලත් කර තිබේ.
මෙලෙස තුවාල ලබා ඇත්තේ 28 වියේ පසුවන මිරිස්ස ප්රදේශයේ පදිංචිකරුවෙකි.
ප්රහාරය එල්ල කිරීම සඳහා යතුරුපැදිය පැදවු සැකකරුව ප්රදේශවාසීන් විසින් අල්ලා පොලීසියට භාර දී ඇති අතර, 25 වියේ පසුවන මොහු පොලිස් ආරක්ෂාව යටතේ මාතර රෝහලට ඇතුළත් කර ඇත.
මෙම වෙඩිතැබීම සිදුකිරීමට හේතුව තවමත් හෙළිදරව් වී නැතැයි පොලිසිය සඳහන් කරයි.
මෙම සිද්ධියට සම්බන්ධ ප්රධාන සැකකරු සොයා වැලිගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරමින් සිටියි.