ඌබර් සමාගම දෙවැනි සේවක කප්පාදුව කිරීමට සූදානමින් ! | Colombocall ඌබර් සමාගම දෙවැනි සේවක කප්පාදුව කිරීමට සූදානමින් ! - Colombocall

Hot News

ඌබර් සමාගම දෙවැනි සේවක කප්පාදුව කිරීමට සූදානමින් !



ගෝලීය වසංගතයෙන් පාඩු ලැබූ ඇමරිකාවේ ප්‍රධාන පෙළේ කුලී රථ සේවාවක් වන ඌබර් සමාගම සිය දෙවැනි සේවක කප්පාදුව කිරීමට සූදානමින් සිටින බව ප්‍රකාශයට පත්කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව එම සමාගම සේවකයන් 3000 ක් ඉවත් කරනු ඇති අතර මීට පෙර තවත් සේවකයන් 3700ක් ඉවත් කරනු ලැබුවා.. එහි සමස්ත සේවක කප්පාදුව හතරෙන් එකකි.
සමාගම සතුව ලොවපුරා පිහිටි පාලක පද්ධති ඇතුළුව කාර්යාල 45කට වැඩි ප්‍රමාණයක් වසා දැමීමට හෝ ඒකාබද්ධ කිරීමට මෙහිදී තීරණය වී තිබෙනවා.
සමාගමේ අනාගතය සුරක්ෂිත කරනු පිණිස මෙම පියවර ගතයුතුව ඇති බව දන්වමින් එම සමාගමේ ප්‍රධාන විධායක ඩාරා කොස්රෝෂාහි කාර්ය මණ්ඩලයට ලිපියක් යොමුකර තිබුණා.
කොවිඩ් – 19 වසංගතය පැමිණීමට පෙරදීද ඌබර් ආයතනය විශාල වශයෙන් පාඩු ලබමින් සිටි අතර වසංගත තත්ත්වය හමුවේ එය පාලනය කරගැනීම අභියෝගයක් වී ඇති අතර ඇමරිකාව සහ කැනඩාව අගුළු දැමීම හේතුවෙන් පසුගිය මාසයේදී ඌබර් ව්‍යාපාර 80% කින් පහත වැටී ඇති බව වාර්තා වනවා.
මේ අතර, ඌබර් ඊට්ස් නම් ආහාර බෙදා හැරීමේ ව්‍යාපාරය ඉහළ ගොස් ඇතත්, එය තවමත් ලාභ ලබන තත්ත්වයක නැත.
පවතින තත්ත්වය මත සමාගම් වියදම් ඩොලර් මිලියන 175 සිට ඩොලර් මිලියන 220 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර නව සංශෝධන මගින් සමාගමට අවම වශයෙන් වාර්ෂිකව ඩොලර් බිලියන 1 ක් ඉතිරි කර ගත හැකි වනු ඇතැයි විශ්වාස කෙරෙනවා.