තොණ්ඩමාන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට දියණියට අවස්ථාවක් නෑ ! | Colombocall තොණ්ඩමාන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට දියණියට අවස්ථාවක් නෑ ! - Colombocall

Hot News

තොණ්ඩමාන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට දියණියට අවස්ථාවක් නෑ !



අභාවප්‍රාප්ත අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමාන් මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ඔහුගේ දියණියට අවස්ථාව අහිමි වී තිබෙනවා.
ඊට හේතු වී ඇත්තේ විදේශයක ජීවත් වූ ඇය මෙරටට පැමිණි වහාම නිරෝධායන කටයුතු සඳහා මීගමුව ප්‍රදේශයේ නිරෝධායන හෝටලයකට යොමු කිරීම හේතුවෙනුයි.
ඔහුගේ දියණිය වෛද්‍යවරියක් ලෙස සේවය කරන්නේ ඕමාන් රාජ්‍ය වන අතර පියා අබාවප‍්‍රාප්ත වන විටද ඇය එහි රැඳී සිටියා.
ඒ සමගම ඇය වහාම ඊට සහභාගිවීමට ශ්‍රී ලංකාවට පැමිණිය ද කටුනායක ගුවන් තොටුපලේ දී ඇය නිරෝධායනය සඳහා දින 14ක කාලයක් මීගමුව ප්‍රදේශයේ හෝටලයක ට යොමු කර තිබෙනවා.
තම පියාගේ අවමංගල ට සහභාගී වීමට අවස්ථාව දෙන්නැයි ඉල්ලා සිටියද මේ වනවිටත් ඇයට එම අවසරය ලැබී නැහැ.
අවමංගල්‍ය අවස්ථාව අන්තර්ජාලය ඔස්සේ නැරඹීමට අවස්ථාවක් පමණක් ලබා දිය හැකි බව බලධාරීන් විසින් යෝජනා කර තිබෙනවා.