ප්‍රසන්නගේ සහ ඉන්දිකගේ බලපෑම් නිසා දිවුලපිටිය ප්‍රා. සභාවේ හිටපු සභාපති මියයයි ! | Colombocall ප්‍රසන්නගේ සහ ඉන්දිකගේ බලපෑම් නිසා දිවුලපිටිය ප්‍රා. සභාවේ හිටපු සභාපති මියයයි ! - Colombocall

Hot News

ප්‍රසන්නගේ සහ ඉන්දිකගේ බලපෑම් නිසා දිවුලපිටිය ප්‍රා. සභාවේ හිටපු සභාපති මියයයි !



දිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති  නන්ද කුමාර සකළසූරිය මහතා හදිසි හෘදයාබාදයකින් මියගොස් තිබේ.

ඉතා මෑතක්වන තුරු දිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිධූරය දැරූ ඒ මහතාව එම තනතුරෙන් පහකිරීම සදහා ප්‍රදේශයේ ප්‍රභල දේශපාලඥයින් දෙදෙනෙකු වන ප්‍රසන්න රණතුංග සහ ඉන්දික අනුරුද්ධ විසින් ක්‍රියාකල අතර ඉන්  හිටපු සභාපතිවරයාට දැඩි මානසික පීඩාවකට ලක්වීමට සිදුවූ බවයි වාර්තා වන්නේ.

ප්‍රදේශයේ සිදුවන හොරපස් ජාවාරම , කලුගල් ජාවාරම සම්බන්ධයෙන් හිටපු සභාපතිවරයා දැරූ ස්ථාවරය ඉන්දික අනුරුද්ධගේ පස්,කලුගල් ව්‍යාපාර වලට දැඩි තර්ජනයක් වූ බවත්, ඊට එරෙහිව ඔවුන් හිටපු සභාපතිවරයාට එරෙහිව ක්‍රියාකල බවත් ප්‍රදේශවාසීන්ගේ මතයයි.

දිගින් දිගටම ප්‍රසන්න රණතුංගගෙන් සහ ඉන්දික අනුරුද්ධගෙන් එල්ල වන තර්ජන හමුවේ මෙම හෘදයාබාධය වැළදී ඇතැයි යන්න අනාවරණය වී ඇත