කොළඹ අපරාධ කොට්ඨාශය ෆොන්සේකාගෙන් කට උත්තරයක් ගනී
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකාගෙන් කොළඹ අපරාධ කොට්ඨාශය අද (29) ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිතව තිබෙනවා.
ඒ කොවිඞ්-19 වසංගතය සම්බන්ධයෙන් කළ මහජන කැළඹීමක් ඇති කරන ආකාරයේ කරුණු දැක්වීමක් සම්බන්ධයෙන්.
ඉකුත් මාර්තු මස 16වැනිදා පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඒ වන විට ශී‍්‍ර ලංකාවේ කොවිඞ්-19 රෝගීන් තුන් දෙනෙකු මියගොස් ඇතැයි ෆිීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා ප්‍රකාශ කර තිබුණා. කොළඹ අපරාධ කොට්ඨාශය ඔහුගෙන් අද ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිතව තිබෙන්නේ ඒ සම්බන්ධයෙන්. හිටපු මන්තී‍්‍රවරයාගේ තලාහේන පිහිටි කාර්යාලයේදී මෙම ප්‍රකාශය ලබාගැනීමට නියමිතව ඇතැයි ද වාර්තා වුණා.