දිවුලපිටියේ පාරවල් සෑදීම නවතී ! තමාගෙන් පස් ගන්නා ලෙසට ඉන්දිකගේ කොන්ත්‍රාත්කරුට බලපෑම් | Colombocall දිවුලපිටියේ පාරවල් සෑදීම නවතී ! තමාගෙන් පස් ගන්නා ලෙසට ඉන්දිකගේ කොන්ත්‍රාත්කරුට බලපෑම් - Colombocall

Hot News

දිවුලපිටියේ පාරවල් සෑදීම නවතී ! තමාගෙන් පස් ගන්නා ලෙසට ඉන්දිකගේ කොන්ත්‍රාත්කරුට බලපෑම්



ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය පහසුකම් යටතේ ක්‍රියාත්මක වන " i road " ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘතියේ දිවුලපිටිය ප්‍රදේශයේ මාර්ග සංවර්ධන කටයුතු එම ප්‍රදේශයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පා.ම වන අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාගේ බලපෑම හේතුවෙන්  සම්පූර්ණයෙන්ම අඩාල වී ඇති බව වාර්තා වනවා.

මෙම මාර්ග සංවර්ධන කටයුතු ඉදිරියට කරගෙන යාමට නම් තමාට අයත් පස් කැපීමේ ව්‍යාපාරයෙන් පස් මිලදී ගත යුතු බවට කොන්ත්‍රාත්කාර සමාගම වන Access Engineering   සමාගමට බලපෑම් කිරීම හේතුවෙන් මේ වනවිට විශාල අර්බුදයක් හටගෙන ඇත.

මහින්ද රාජපක්ෂ රජය සමයේ දකුණු පළාතේ පමණක් ක්‍රියාත්මක වූ මෙම මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය යහපාලන රජය සමයේ රටේ සියලු දිස්ත්‍රික්ක වල ක්‍රියාත්මක කිරීමට තීරණය කල අතර එම රජයේ අවසාන වකවානුවේදී  බස්නාහිර පලාතේ මෙම ව්‍යාපෘතිය කරගෙන යාම සදහා ටෙන්ඩර් ප්‍රධානය කර තිබේ. ගම්පහ දිස්ත්‍රික්කයේ මෙම ව්‍යාපෘතිය ආරම්භ කෙරෙනුයේ දිවුලපිටිය ප්‍රදේශයෙනි.

ඉන්දික අනුරුද්ධ විසින් ප්‍රදේශයේ ග්‍රාමසේවා නිලධාරීන්, මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සහ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ නිලධාරින්  මෙම ව්‍යාපෘතියේ කටයුතු සාකච්ජා කීරීමට කොන්ත්‍රාත්කාර සමාගම වන Access Engineering PLC විසින් පවත්වන රැස්වීම් වලට සහභාගී නොවන  ලෙසට තර්ජනාත්මක අනතුරු හැඟවීම් සිදුකර තිබේ.  මෙම ව්‍යාපෘතියේ කටයුතු සම්බන්ධයෙන් තවමත් පවතිනුයේ  සැලසුම් අදියරේ බැවින් පස් මිලදීගෙන ඒවා රදවා තැබීමට තමන්ට නොහැකි බවත්, එසේ පස් මිලදී ගැනීමට අදාළව පරිසර නීති වලට අනුකූල ප්‍රතිපත්තිය සිය සමාගම සතුව පවතින බව පැවසුවද ඉන්දික ඊට දැඩිව විරුද්ධ වෙමින් වහාම  මහමැතිවරණයට පෙර තමාගෙන් පස් මිලදී ගන්නා ලෙස Access Engineering  සමාගමේ ඉංජිනේරුවන්ට බලපෑම් එක්ක කර ඇත.