මුඛ ආවරණ නොමැතිව සිටි පුද්ගලයන් දෙදෙනකුට පොල්ලකින් ප්‍රහාරයක් !

උතුරු කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලය අසල මාර්ගයේ මුඛ ආවරණ නොමැතිව සිටි පුද්ගලයන් දෙදෙනකුට පොල්ලකින් පහර දුන් බව කියන පොලිස් කොස්තාපල්වරයකු උතුරු කළුතර පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොහු උතුර කළුතර පොලිසියට අනුයුක්තව විශේෂ රාජකාරියේ යෙදුණු පොලිස් වැඩ අංශයේ කොස්තාපල්වරයෙකි.
පහරකෑමට ලක්වූ බව කියන දෙදෙනා කළුතර නාගොඩ මහ රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් එක් අයකු 78 වන වියේ පසුවන්නකු බව පොලිසිය සඳහන් කළා.
සැකකාර පොලිස් කොස්තාපල්වරයා කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.