ගමටම කරදරයක් වූ තරුණයින් දෙදෙනා කොටු ! | Colombocall ගමටම කරදරයක් වූ තරුණයින් දෙදෙනා කොටු ! - Colombocall

Hot News

ගමටම කරදරයක් වූ තරුණයින් දෙදෙනා කොටු !




තර්ජනය කරමින් නිතර හිරිහැර සිදු කරන අලව්ව මාපිටිය ප්‍රදේශයේ සහෝදරයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා අලව්ව පොලිසියට ඊයේ කදුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට සිදු වුණි.
පොලිසිය පවසන්නේ මෙම පුද්ගලයින් දෙදෙනාගෙන් සිදුවන හිරිහැර සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් පොලිසියට නිතර පැමිණිලි සිදු කරන බවයි.
අලව්ව මාපිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයන් දෙදෙනෙකු ඊයේ රාත්‍රියේ අසළ පිහිටි නිවාසවල ගේට්ටුවලට හා තාප්පවලට කඩුවලින් කොටා අලාභ හානි සිදු කර තිබේ.
එම සිදුවීම නිවසක සීසීටීවී කැමරාවේ සටහන්ව තිබුණි.
ප්‍රදේශවාසීන් පවසන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්වලද නිරත වන මොවුන් දෙදෙනාගෙන් අසල්වාසීන්ට නිතර කරදර හිරිහැර සිදුවන බවයි.
කෙසේ වෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් අලව්ව පොලීසියට සිදුකළ පැමිණිල්ලකට අනුව පොලිස් නිලධාරීන් අද එම ප්‍රදේශයට පැමිණියේය.
එහිදී සැකකරුවන් ඔවුන්ගේ නිවසේ වහලේ සිට නිලධාරීන්ට ගල් ප්‍රහාර එල්ල කර ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසියට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවුණි.
එහිදී පොලිස් නිලධාරීන් සැකකරුවන් දෙදෙනා සිටි නිවස තුළට කදුළු ගෑස් ප්‍රහාර ද එල්ල කළේය.
අනතුරුව පොලිසිය විසින් ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගත් අතර පසුව සිදුකළ සෝදිසියකදී නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය සඳහා සූදානම් කර තිබූ ගෝඩා බැරලයක් සහ තවත් උපකරණ කිහිපයක් ද සොයාගෙන තිබේ.
පොලිසිය පවසන්නේ අවුරුදු 20 සහ 22 යන වයස්වල පසුවන මෙම සහෝදරයින් දෙදෙනාට එල්ල වූ පැමිණිලි අතර මරණ තර්ජන කිරීම්ද ඇති බවයි.