දිලිත් නොමිලේ දෙනවා කියුවට එක් අයකුගෙන් ලක්ෂයකට වැඩි මුදලක් ගන්නවා ! | Colombocall දිලිත් නොමිලේ දෙනවා කියුවට එක් අයකුගෙන් ලක්ෂයකට වැඩි මුදලක් ගන්නවා ! - Colombocall

Hot News

දිලිත් නොමිලේ දෙනවා කියුවට එක් අයකුගෙන් ලක්ෂයකට වැඩි මුදලක් ගන්නවා !





පිටරට සිට ශ්‍රී ලංකාවට පැමිණෙන අයට මුදල් ගෙවා සුඛෝපභෝගී හෝටල්වල නිරෝධායනය වීමේ අවස්ථාව රජය විසින් සලසා ඇති බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව දැනට දෙරණ මාධ්‍ය ජාලයේ අධිපති දිලිත් ජයවීර මහතාට අයත් වාද්දූව සිට්‍රස් හෝලයට සහ ජෙට්වින්ග් සමූහයට අයත් තවත් හෝටලයක් මේ සඳහා සූදානම් කර ඇත.
මෙම හෝටල් කාමරයක් තුළ නිරෝධායනය සඳහා කෑමබීම සහිතව දින 14ට රු 105000ක් (එක් ලක්ෂ පන් දහසක්) අය කරන බවද ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
කෙසේ වෙතත් රජයේ නිරෝධායන කටයුතු සඳහා නොමිලේ ලබාදෙන බව පවසමින් ප්‍රචාරයක් ගෙනගිය දිලිත් ජයවීර මහතා මෙලෙස ලක්ෂ ගණන් අය කරමින් ජනතා මුදල් සූරාකෑම ඉතාම නින්දාසහගතය.