කළු කොටියාගේ මරණය රටට බලපාන හැටි හෙළිවෙයි ! | Colombocall කළු කොටියාගේ මරණය රටට බලපාන හැටි හෙළිවෙයි ! - Colombocall

Hot News

කළු කොටියාගේ මරණය රටට බලපාන හැටි හෙළිවෙයි !



මද්දකට හසුව සිටියදී බේරාගෙන ප්‍රතිකාර සඳහා යොමු කර තිබූ කළු කොටියා හදිසියේ මිය ගොස් තිබෙනවා. ශ්‍රී ලංකාවේ වතුකරයට පමණක් ආවේණික මෙම සත්වයා ජාතික සම්පතක් ලෙස බොහෝ පරිසරවේදීන් පෙන්වා දී තිබුණා.

 ශ්‍රී ලංකාවේදී මෙම සත්වයා පිළිබඳ තොරතුරු වාර්තා වී තිබුණේ ශ්‍රීපාද භූමියට අයත් වනාන්තරයේ ජීවත් වන බවට පමණයි. කෙසේ නමුත් අති දුර්ලභ කළු කොටියාගේ මරණය රටට ඉතාමත් අභාග්‍යසම්පන්න කාළසීමාවක ආරම්භයක් බවට ප්‍රවීණ ජෝතිෂ්‍යවේදීන් පෙන්වා දෙනවා.

 එයට හේතුව මේ වනතුරු ලංකාවේ ජීවත් වූ බවට ඔප්පු කල හැකි එකම කළු කොටියා මෙම සත්වයා වීමයි.

"සුනාමියක් එන්න කලින් මුහුද ආපස්සට යනවා වගේ තමා මේ සිදුවීමත් ඒ නිසා කවුරු කවුරුත් පරිස්සමින් වැඩ කරන්න වෙයි. ඔය කොටි පවුලේ පොඩි සතානෙ කළු පූසා.. අදටත් පූසෙක් වාහනේකට යටවෙලා මැරුණොත් දෙහිගෙඩි එල්ලනවනේ වාහනේට. ඕවා සමහරු විශ්වාස නොකලට කම්මැලිකමට කරපුවා නෙමේ.අර්ථයක් ඇතුව කළ දේවල් " ලෙස ඔහු වැඩි දුරටත් පෙන්වා දී තිබෙනවා.