මහමැතිවරණයක් පැවැත්වීම අනතුරුදායකයි ! | Colombocall මහමැතිවරණයක් පැවැත්වීම අනතුරුදායකයි ! - Colombocall

Hot News

මහමැතිවරණයක් පැවැත්වීම අනතුරුදායකයි !




පවතින වාතාවරණය හමුවේ මහමැතිවරණයක් පැවැත්වීම අනතුරුදායක බැවින් මුදල් රෙගුලාසි නීත්‍යානුකූලව අනුමත කරගෙන ඉදිරියට යාම සඳහා පාර්ලිමේන්තුව තුළ ජාතික ආණ්ඩුවක් වැනි සමගි සන්ධානයකට එළඹිය යුතු බව ඕමල්පේ සෝහිත හිමියෝ අවධාරණය කරති.
“කොරෝනා වෛරසය හා සම්බන්ධ වර්තමානයේ පවතින මේ සුවිශේෂී වාතාවරණය යටතේ සලකා බලන විට පෙනෙන පැහැදිලි කාරණාව තමයි මැතිවරණයකට යාම අනතුරුදායකයි කියන එක. ඒනිසා වඩාත් යෝග්‍ය ක්‍රමය නම් මුදල් සම්බන්ධ රෙගුලාසි ව්‍යවස්ථානුකූලව අනුමත කරගැනීම සඳහා පාර්ලිමේන්තුවේ ඒකාග්‍රතාවක් ඇති කරගන්න පුළුවනි, කාගේත් සමගි සම්මුතියෙන් යුතු වැඩපිළිවෙලකට යන එක තමයි හොඳ.
බලය පිළිබඳ තියෙන මේ බල ආශාව, බලකාමයත් පසෙක තියලා රට අංක එක යන කාරණාව ඉදිරියට අරගෙන යම් සමගි සන්ධානයකින් කටයුතු කිරීම අවශ්‍යයයි රජයත් විපක්ෂයත් සාමුහිකව.
ජාතික ආණ්ඩුවක් වැනි, ඒ කියන්නෙ සියලුම දෙනා එක්ව සෑම පක්ෂයකම සහභාගීත්වය ඇතුව ඒවගේ සමගි සන්ධානයකට එන්න හොඳ මූලික පියවරකුත් අපි දැක්කා. කුමක් හෙයින්ද ජනාධිපතිවරණය අවසන් වෙච්ච ගමන්ම ඇත්ත වශයෙන්ම අගමැති තනතුර හිමිව තියෙද්දි විපක්ෂයට එය ආණ්ඩු පක්ෂයට බාරදීලා තියෙනවා. ඒක හොඳ ප්‍රවණතාවක්. යම් ආකාරයක සමගි සන්ධානයකට ජාතික ප්‍රතිපත්තියකට යන එක තමයි හොඳ. මැතිවරණයක් පැවැත්වීම නම් අනතුරුදායකයි. මෙතෙක් ගන්නා ලද සියලුම උත්සාහයන් ව්‍යර්ථ වීමක් හැටියට තමයි අපි දකින්නේ” යනුවෙනුයි එහිමි ප්‍රකාශ කළේ.