ලොකුම ක්‍රීඩාංගණයක් ඉදිකිරීමට යාම නාස්තිකාර කටයුත්තක් !

ලොව දැවැන්ත රටවල් පවා මහාපරිමාන ඉදිකිරීම් නවතා දමා ඇති මොහොතක ලංකාව ලොකුම ක්‍රීඩාංගණයක් ඉදිකිරීමට යාම නාස්තිකාර කටයුත්තක් බව හිටපු ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම පවසනවා.
හෙතෙම පෙන්වා දෙන්නේ අදාළ මුදල් යොදවා ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනය කිරීමට හෝ මේ අවස්ථාවේ අසරණව සිටින ක්‍රීඩකයන් බලා ගැනීම සුදුසු බවයි.
ලංකාවට ඇති තරම් ජාත්‍යන්තර ක්‍රිකට් පිටි ඇති බවත්, අවුරුද්දේ වැඩි කාලයක් එම ක්‍රීඩා පිටි වසා දමා ඇති බවත් පෙන්වා දී ඇති මහානාම, හම්බන්තොට ක්‍රීඩාංගණය ඉදිකිරීමට ගිය මුදලින් තවත් මිලියන ගණනක් ගෙවා දැමීමට ඇති බවද ප්‍රකාශ කොට තිබෙනවා.
මේ අතර මහේල ජයවර්ධන ද ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මෙම කටයුත්තට විරෝධය පළකර තිබූ අතර පසුව ඔහුට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
ඔහුගේ බිරිඳ ද සම්බන්ධ කර ගනිමින් එලෙස ප්‍රහාර එල්ල කර ඇති ෆේස්බුක් ගිණුම් පිරික්සීමේ දී ඒවා දේශපාලන පක්ෂයකට සම්බන්ධ බව තහවුරු වනවා.