නිරෝධායන නීති නොසලකා දේව මෙහෙයක් පවත්වලා ! | Colombocall නිරෝධායන නීති නොසලකා දේව මෙහෙයක් පවත්වලා ! - Colombocall

Hot News

නිරෝධායන නීති නොසලකා දේව මෙහෙයක් පවත්වලා !



මාරවිල නගරයේ තෙමහල් ගොඩනැගිල්ලක තුන්වන මහලේ කුඩා දරුවන් සිව් දෙනෙකු සහ  තවත් 27 දෙනෙකු සහභාගිකරවා ගනිමින් දේව මෙහෙයක් පැවැත්වු දේව ගැතිවරයකුට එරෙහිව නිරෝධායන පනත අනුව නීතිමය කටයුතු ආරම්භ කරන බව මහවැව මහජන සෞඛ්‍ය පරීක්ෂක බි.එම් .වජිර නිලන්ත මහතා ප්‍රකාශ කරනවා.

ඊයේ  (16)  දින දහවල් කාලයේදී අදාල දේව මෙහෙය පවත්වමින් සිට ඇති අතර එම අවස්ථාවේදී මාරවිල පොලිසිය හා මහවැව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් වැටලීමක් සිදුකර තිබුණා. එහිදී මෙම දේව මෙහෙයට කාන්තාවන් 18 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 9 දෙනෙකු සහභාගී වී බවයි අනාවරණය වී තිබුණේ.

එසේම ඊට සහභාගිවු පිරිස අතරින් කිප දෙනෙකු මුඛ ආවරණ පවා නොමැතිව සිටි බව වාර්තා වූ අතර නිරෝධායන පනත අනුව මෙසේ පිරිස් රැස් කරමින් කිසිදු කටයුත්තක් පැවැත්විම තහනම් කර තිබියදි මෙම දේව ගැතිවරයා අවස්ථා ගනනාවක මෙලෙස දේව මෙහෙයවල් පවත්වන බව ප්‍රදේශ වාසින් පොලිසියට පැමිණිළි කර තිබුණා.

තවද මෙම දේව ගැතිවරයා මීට පෙර ශබ්ද වාහිනි යන්ත්‍ර යොදා ගනිමින් දේව මෙහෙයවල් පැවැත්විම සම්බන්ධයෙන් මාරවිල අධිකරණයේ නඩුවක්ද විභාග වෙමින් පවතින බවයි පොලිසිය සඳහන් කළේ.