ඉගෙනීමට මෙන්ම රඟපෑමටත් දක්ෂ වූ නිකවැරටියේ සහන් ගැන විස්තරය මෙන්න | Colombocall ඉගෙනීමට මෙන්ම රඟපෑමටත් දක්ෂ වූ නිකවැරටියේ සහන් ගැන විස්තරය මෙන්න - Colombocall

Hot News

ඉගෙනීමට මෙන්ම රඟපෑමටත් දක්ෂ වූ නිකවැරටියේ සහන් ගැන විස්තරය මෙන්න



පසුගිය පළමුවැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන කණ්ඩායම් මන්නා, පිහි රැගෙන සයිබර් අවකාශයේ චණ්ඩි පාට් දැමූ ‘නිකවැරටියේ සහන්’ නමින් පෙනී සිටි පාසල් සිසුවාව සොයා ගෙන තිබෙනවා.
නිකවැරටියේ සහන් නමින් පෙනී සිටියත් මෙම දරුවාගේ පදිංචිය වෙනත් ගම් පළාතකය.
දරුවා සොයා ගිය රහස් පොලිස් කණ්ඩායම් ළමා හා යෞවන ආඥාපනත යටතේ නිවසේදීම දරුවා තම භාරයට ගෙන තිබෙනවා.
සමාජ ජාලා කැලඹූ මෙම පහළොස් හැවිරිදි දරුවාගේ සමාජ පරිසරය නිසා ඔහු මෙවන් ඉරණමකට මුහුණ දෙන්නට ඇතැයි විමර්ශකයන් සිතා සිටියද එය එසේ නොවීය.
මෙම දරුවාගේ මව්පියන් දෙදෙනාම ගුරුවරුන්ය. ඒ දෙදෙනාම ගමේ රටේ අයට උදව් පදව් කරගනිමින් කිසිවකුගේ දෝෂ දර්ශනයට ලක් නොවී කොයි කවුරුත් සමග සමගියෙන්, සහයෝගයෙන් යහපත් ලෙස ජීවත් වන්නන්ය.
එසේම මෙම දරුවා පහ වසර ශිෂ්‍යත්වයත් මහ ඉහළින් ම සමත් ව මෙරට ප්‍රකට පාසලකට ඇතුළත්ව එම පාසලේ ශිෂ්‍ය නායකයකුද වූ අයෙකි.
ඉගෙනීමට මෙන්ම රඟපෑමටත් දක්ෂ වූ ඔහු වීඩියෝපට සකස් කර ඒවා යූටියුබ් ඔස්සේ ප්‍රචාරය කිරීමටද සමාර්ථයකු බවද විමර්ශනවලදී හෙළි තිබෙනවා.
ඒ බව ඔහුගේ දෙමාපියන්ද විමර්ශකයන්ට කියා තිබුණා.
“මට ඕන වුණේ හොඳ නළුවෙක් වෙන්න. මම මෙහෙම දෙයක් වෙයි කියලා හිතුවේ නැහැ’’ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රශ්න කිරීම් හමුවේ දරුවා කියා සිටියේය.තිබෙනවා.
ළමා හා යෞවන ආඥාපනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයට ගත් මෙම දරුවා අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔහු ළමා රැඳවුම් නිවාසයක පරිවාස භාරයට යටත් නොකරන්නේ දරුවාගේ පියා අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමිනි. එහෙත් තුන් මසකට වතාවක් ළමයා පිළිබඳ පරිවාස වාර්තාවක් කැඳවීමටද අධිකරණය නියෝග කර තිබෙනවා.
මෙම දරුවා සමග මුහුණු පොත ඔස්සේ පාතාල චණ්ඩින් වන්නට වෙරදැරූ සිද්ධියට සම්බන්ධ අනෙක් සිසුන්ද ළමා හා කාන්තා කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව​ මෙතෙක් කළ පරීක්ෂණවලට අනුව දැන් සොයා බලන්නේ මෙම දරුවන් පසුපස සිටිමින් පෙළඹවීම් කළ පුද්ගලයන් ගැනය.
එකම දින වකවානුවක රටේ පැති කිහිපයකින් සමාජ ජාල ඔස්සේ ඇතිවූ අලුත්ම රැල්ල පසුපස සංවිධානාත්මකව වාසි ගන්නට උත්සාහ කළ පුද්ගලයන් සිටිය හැකි බවට ඇති සැකය මත සයිබර් අපරාධ විමර්ශන අංශය දීර්ඝ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.