ඉවතලන මුහුණු ආවරණ හා අත්වැසුම් මුහුදු වෙරළ තීරයන්ට ගොඩ ගැසීමේ අවදානමක් !

කොරෝනා වෛරසය හේතුවෙන් භාවිතයෙන් පසු ඉවතලන මුහුණු ආවරණ හා අත්වැසුම් මුහුදු වෙරළ තීරයන්ට ගොඩ ගැසීමේ අවදානමක් මතුව ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.
එහි සාමාන්‍යාධිකාරි අචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා සඳහන් කළේ, ඒ හේතුවෙන් ජනතාව ඒවා භාවිතයෙන් අනතුරුව වෙන් කර රැගෙන යන ආයතනවලට ලබා දිය යුතු බවය.
වෙන් නොකර ඒවා විවිධ ස්ථානවලට රැගෙන ගොස් දැමීමෙන් සෞඛ්‍ය ගැටලු රැසක් මතුවන බව ටර්නි ප්‍රදීප් කුමාර මහතා සඳහන් කළේ ය