වැටුප් ගෙවීමේ ගැටලු සහ රැකියා සුරක්ෂිතතාවය පිළිබඳ රජයේ අවධානය !

කොරෝනා වෛරසය පැතිරයාම නිසා බොහෝ පෞද්ගලික අංශයේ ආයතන වසා දමා ඇති නිසා මතුව ඇති වැටුප් ගෙවීමේ ගැටලු සහ රැකියා සුරක්ෂිතතාවය පිළිබඳ රජයේ අවධානය යොමුව ඇති බව සම කැබිනට් ප්රකාශක බන්දුල ගුණවර්ධන ප්රකාශ කරනවා.
ඒ අනුව යම් යම් දුෂ්කරතාවයන්ට මුහුණ දී ඇති සේවකයන්ගේ ගැටලු දැනුම්දීම සඳහා කම්කරු දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙහි වෙනම වෙබ් පිටුවක් නිර්මාණය කර තිබෙන අතර එහි ඇති Google පොරමයක් හරහා ඔබගේ ගැටළු ඊට යොමුකළ හැකියි.