වාහන මිල ඉහළට ! ප්‍රමාද ගාස්තු අය කරන්න එපා | Colombocall වාහන මිල ඉහළට ! ප්‍රමාද ගාස්තු අය කරන්න එපා - Colombocall

Hot News

වාහන මිල ඉහළට ! ප්‍රමාද ගාස්තු අය කරන්න එපා



කොරෝනා වසංගතය පැතිර යෑමට පෙරාතුව මෙරටට ගෙන්වන ලද වාහන 5,500ක් වරායවල් දෙකේ තබා තිබෙන අතර රුපියල අවප්‍රමාණය වීම නිසා ඒ සියලු වාහනවල මිල රුපියල් ලක්ෂ දෙකේ සිට රුපියල් ලක්ෂ පහක් අතර මිලකින් වැඩි වන බව වාහන ආනයනකරුවන්ගේ සංගමය කියා සිටී.
මේ වනවිට මාස දෙකකට ආසන්න කාලයක් වරාය දෙකේ ගොඩගසා තියෙන වාහන සඳහා එක් වාහනයකට රුපියල් ලක්ෂ එකහමාරක පමණ ප්‍රමාද ගාස්තු මුදලක්ද වරාය වෙත ගෙවීමට සිදුවනු ඇතැයි වාහන ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් ප්‍රසාද් කුලතුංග මහතා ‘මව්බිම’ට පැවැසීය.
විදේශ විනිමය අනුපාතවලට අනුව විට්ස් මෝටර් රථයක මිල රුපියල් ලක්ෂ තුනකින්ද ටොයොටා ප්‍රීමියෝ මෝටර් රථයක මිල ලක්ෂ පහකින්ද එන්ජින් ධාරිතාව 650 මෝටර් රථයක මිල ලක්ෂ දෙකකින් පමණ ඉහළ යනු ඇතැයිද කුලතුංග මහතා කීය.
වසංගතය පාලනය කළ පසුව මෙම මෝටර් රථ වරායෙන් මුදාගැනීමේදී අය කරන වරාය ප්‍රමාද ගාස්තු අය නොකරන ලෙසට රජයෙන් ඉල්ලීමක් කරන බවද කුලතුංග මහතා පැවැසීය.
ආනයනය කරන ලද මෝටර් රථ 5,000ක් හම්බන්තොට වරායේද තවත් මෝටර් රථ 500ක් කොළඹ වරායේද මේ වනවිට ගාල් කර තිබේ.