අම්ෆන් සුලිකුණාටුවේ බලපෑමෙන් මිය ගිය ගණන 99 ක් වෙයි

අම්ෆන් සුලිකුණාටුවේ බලපෑමෙන් ඉන්දියාවේ සහ බංග්ලාදේශයේ ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයන් සංඛ්‍යාව 99 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, එරට බටහිර බෙංගාල ප්‍රාන්තයේන් පුද්ගල මරණ 76 ක් වාර්තා වන අතර ඉන් 15 ක් වාර්තා වන්නේ කොල්කටා නගරයෙන් බවයි.
මෙවන් ආකාරයේ ප්‍රබල විනාශයක් සිදුකළ ස්වභාවික විපතක් කිසිදින දැක නැතැයි බටහිර බෙංගාල ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය මම්තා බෙනර්ජී පවසන්නී ය.
ඇය පෙන්වා දෙන්නේ 1737 වසරට පසු ඉන්දියාව මුහුණපෑ දරුණුතම සුළිකුණාටුව අම්ෆාන් බවයි .