සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 970ක් වේ !

නව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 10 දෙනෙක් (17) දින රාත්‍රී 8.30 වන විට වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා.
මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 970ක් වනවා.
අද දින වාර්තා වූ කොරෝනා ආසාදිතයින් අතර ලන්ඩනයේ සිට ඉකුත් දා මෙරටට පැමිණ දැනට හෝටලයක පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයක සිටින පුද්ගලයින් දෙදනෙක් අනෙක් වන අතර සෙසු රෝගීන් 08 දෙනා නාවික හමුදා සාමාජිකයින් වන බවයි සෞඛ්‍ය අංශ සඳහන් කර සිටියේ.
මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 423 දෙනෙක් රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර සුවය ලැබූ පුද්ගලයින් ගණන 538ක් වනවා.