යාචකයින් 60 දෙනෙකු පුනරුත්තාපනය කිරිමට පියවර !

ගුණසිංහපුර බස්නැවතුම්පොළේ සිට රැගෙන ගිය යාචකයින් 60 දෙනෙකු පුනරුත්තාපනය කිරිමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව එම යාචකයින් පිරිස මේ වන විට මුලතිව් ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක රඳවා ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
එම යාචකයින් සිගමනේ ගොස් ලබා ගන්නා මුදල් වලින් අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට නැඹුරු වී ඇති බව පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වී ඇති අතර පොලිසිය සඳහන් කළේ ඔවුන් අධික ලෙස හෙරෝයින් භාවිත කොට ඇති බව පරීක්ෂණවලින් හෙලිවී ඇති බවයි.
ඒ අනුව යාපනය මහේස්ත්‍රාත් අධිකරණයෙන් අද එම යාචකයින් පුනරාත්තාපනය කිරීම සඳහා නියෝගයක් ලබා ගැනිමට කටයුතු කර ඇති අතර ඉන් අනතුරුව ඔවුන් වැලිකන්ද ප්‍රදේශයේ පිහිටි පුනරුත්තාපන මධ්‍යස්ථානයකට යොමු කිරීමට නියමිතව තිබෙනවා.