ආසාධනයට ලක්වූ රෝගීන් ගෙන් 12 දෙනෙක් නාවික හමුදා සාමාජිකයින් | Colombocall ආසාධනයට ලක්වූ රෝගීන් ගෙන් 12 දෙනෙක් නාවික හමුදා සාමාජිකයින් - Colombocall

Hot News

ආසාධනයට ලක්වූ රෝගීන් ගෙන් 12 දෙනෙක් නාවික හමුදා සාමාජිකයින්




ඊයේ (02) දිනයේදී නව කොරෝනා ආසාධිතයින් 15 දෙනෙක් වාර්තාවීමත් සමඟ නව කොරෝනා වෛරසය ආසාධනයට ලක්වූ රෝගීන් සංඛ්‍යාව 705ක් දක්වා ඉහල ගියා. ඒ් අනුව මෙලෙස වාර්තා වූ රෝගීන් ගෙන් 12 දෙනෙක් නාවික හමුදා සාමාජිකයින් බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා ප්‍රකාශ කළේ.

එලෙස වාර්තා වූ රෝගීන් ගෙන් 10 දෙනෙක් නිවාඩු ගොස් පැමිණි අය බවත් අනෙක් දෙදෙනා වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබලුන් බවත් වාර්තා වන අතර අනෙක් රෝගීන් තිදෙනා නාවික හමුදාවේ ඥාතීන් බවයි සඳහන් වන්නේ.  ඔවුන් මිහින්තලේ පිහිටි නීරෝධායන මධ්‍යස්ථාන වල සිටි අය බවයි විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළේ.

වැලිසර නාවික හමුදා කඳවුරෙන් වාර්තා වූ රෝගීන් දෙදෙනා 01 වනදා වැලිසර නාවික හමුදා කඳවුරේ දී සිදුකළ PCR නියැදි පරීක්ෂණ වලදී හඳුනාගෙන අැති අතර ඊයේ දිනයේදී ද වැලිසර නාවික හමුදා කඳවුරේ PCR පරීක්ෂණ 200ක් සිදුකළ බව විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළා.