ගුවන් යානයක් අද (03) මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොල වෙත | Colombocall ගුවන් යානයක් අද (03) මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොල වෙත - Colombocall

Hot News

ගුවන් යානයක් අද (03) මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොල වෙත



ගාල්ල වරායේ නවතා ඇති නෞකාවක් සදහා අවශ්‍ය කාර්ය මණ්ඩලය රැගත් බෝයිං 767-300ER වර්ගයට අයත් විශේෂ ගුවන් යානයක් අද (03) මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොල වෙත ගොඩබස්වනු ලැබුවා.
230 ක නෞකා කාර්ය මණ්ඩලයක් සහිතව නෙදර්ලන්තයේ සිට මෙම ගුවන් යානය පැමිණ ඇති අතර එම කාර්ය මණ්ඩලය මත්තල ගුවන්තොටුපොළ තුලදී පුර්ණ විෂබීජ හරණයට ලක්කොට පසුව බස්රථ මගින් ගාල්ල වරාය  වෙත රැගෙන යාමට කටයුතු කර තිබුණා.
විශේෂ මානුෂිය හේතුන් මත මෙම 230 ක නෞකා කාර්ය මණ්ඩලය සදහා දිවයිනට පැමිණීමට අවසර ලබා දී ඇති බවයි වාර්තා වුනේ.
එසේම අදාළ නෞකාවේ සිටින තවත් 53 දෙනෙකු නැවත නෙදර්ලන්තය දක්වා ගමන් කිරීම සඳහා මත්තල ගුවන්තොටුපොළ වෙත පැමිණීමට නියමිත බවත් ඔවුන් අද රාත්‍රියේ මෙරටින් පිටවීමට නියමිත බවත් ගුවන්තොටුපොළ නිලධාරීන් ප්‍රකාශ කළා.